Saturday, June 16, 2012

හිත වාවන් නේම නෑ ...

හිත වාවන් නේම නෑ 
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ කියා...


සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව... 
කියා දුන්නේ ඔබමයි ලඳේ...//

දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ... මට තවත් 
සීතලෙන් මා වෙලී... දෙනුවන් පහන් නිවී... 
ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී...


හිත වාවන් නේම නෑ 
ඔබ ආයෙත් එන්නේ නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ කියා


උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
තනි වෙන්න බෑ...මට ඉතින්...//

කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා...පාඬුවේ මා හෙලා... ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී...


හිත වාවන්නේම නෑ 
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ... කියා

ගායනය :-  B n S   (භාතිය & සන්තුශ්)
සංගීතය :- භාතිය ජයකොඩි
පදරචනය :- සම්පත් ෆ්‍රනාන්දුපුල්ලේ

¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸



0 comments:

Post a Comment