This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Wednesday, August 14, 2013
office එකට ඔබේ ව්‍යාපාරයට වැදගත් Address book එකක්.
Logo හදන්න නියම software එකක්
ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.
ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.
අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..
අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්..
මෙන්න මෙහෙමයි අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් කරන්නේ...
ඉක්මනට බාගන ඕනෙම නම් ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක 1KB/s දැම්මත් කමක් නෑ..
ඒ වගේම Ratio එක, ඒ කියන්නෙ ඔයා මේක ඩවුන්ලෝඩ් කරා වගේම කොච්චර අනිත් අය වෙනුවෙන් අප්ලෝඩ් කරලද කියන එකත් වැදගත්.. ඒ කියන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයයි අප්ලෝඩ් කරපු ප්‍රමාණයයි අතර අනුපාතය..ඒක නිසා ඔයගොල්ලෝ කොච්චර ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සාපේක්ෂව අප්ලෝඩ් කරලද කියලා බලලා තමයි ඔයාලාගේ ඊලඟ ටොරන්ට් එක බානකොට ඔයාට ප්‍රමුඛතාව ලැබෙන්නෙ..
තේරෙන්නෙ නැත්නම් මෙහෙම හිතමුකො.. ඔයා මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තයි කියලා හිතාගන්නකෝ..
ඒක 1ක් ලෙස සලකලා ඔයා ඒකට අදාලව අප්ලෝඩ් කරලා තියන ගාන කොච්චරද කියලයි Ratio කියන එකෙන් පෙන්නන්නෙ.. ඔයා 1GB මොකක් හරි බෑවානම් Ratio එක 0.1 කියලා වැටිලා තියන්වනම් එතනින් කියන්නෙ ඔයා අනිත් අය වෙනුවෙන් 100MB අප්ලෝඩ් කරලා කියන එකයි..
ඉතින් වඩා හොඳ වේගයකින් ටොරන්ට් එකක් බාගන්න ඕනේ නම් Ratio එක 0.5 කියන අගයෙවත් තියාගන්න උත්සාහ කරන්න.. ඒ කිව්වෙ බාගත්තු දේවල් වලින් 50%ක්වත් අප්ලෝඩ් කරන්න වගබලා ගන්න... :)
ඔය පොඩි පොඩි Softwares එහෙම බානවනම් ඒ කිව්වෙ MB දෙකේ තුනේ ඒවා බානවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක සාමාන්‍යයෙන් වැඩ කරනවා අඩු වෙලාවලදි අප්ලෝඩ් වෙන්න දෙන්න 5KB/s - 10KB/s විතර අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් එකකින්.. මේ වගේ දේවල් වලින් පුලුවන් ලේඩියෙන්ම Ratio එක 20කටත් වඩා වැඩි කරගන්න...
ඒ නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන් දාපු අය පස්සෙ වෙලාවක හරි අනිත් අය ගැන හිතලා අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරනවනම් හොඳා.
ඒ වගේම මේ ඔක්කොම කරලත් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන වේගය අඩු නම් ඒක Seeders ලා මදි කම නිසා වෙන්න පුලුවන්.. සීඩර්ස්ලා කියන්නෙ අපි download කරන දේ සම්පූර්ණයෙන්ම download කරලා ඉවර වෙලා අපි වෙනුවෙන් upload කරන්න සූදානමින් ඉන්න අය..
peers ලා කියන්නේ තවමත් ටොරන්ට් එක සම්පූර්නයෙන්ම බාලා ඉවර වෙලා නැති අය...ඕනම peer කෙනෙක් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර උන ගමන් එයා seeder කෙනෙක් වෙනවා.. එතකොට එයාට පුලුවන් අර ටොරන්ට් එකේ ඕනම කොටසක් ඉල්ලන peer කෙනෙක් වෙත යවන්න... නමුත් මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි peer කෙනෙක් තවමත් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර නැති නිසා එයාට දෙන්න පුලුවන් තමන් මෙච්චර දුරට download කරගෙන තියන ප්‍රමාණයේ අඩංගු කොටසක් හෙවත් block එකක් විතරයි..
ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.
ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න....
ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා...
ඉතින් මේක කියවලා ඉවර උනාම ඔයාලට සීඩර්ස්ලා වැඩි ටොරන්ට් එකක ගුණාත්මක භාවය ගැන අදහසක් ගන්න පුලුවන්... ඒක නිසා ටොරන්ට් ෆයිල් එකක් උනත් හොයනකොට seeds වැඩි ටොරන්ට් එකක් වගේම ඒ ටොරන්ට් එකට ඒක කලින් බාපු අය දාලා තියන කමෙන්ට්ස් ගැනත් අවධානය යොමු කරන්න...
peers ලා 10,000 ක් හිටියත් වැඩක් නෑ ඒ ටොරන්ට් එකට එක seeder කෙනෙක්වත් නැත්නම් ඔයාට කවදාවත් ඒ ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර කරන්න බෑ.ඔන්න ඕකයි ටොරන්ට්ස් ලෝකයේ සීඩර් කෙනෙක්ට තියන වටිනාකම.
ඒ වගේම අපිට සොෆ්ට්වෙයාස් පාවිච්චි කරලා උනත් පුලුවන් අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න...
මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.
ඔබේ පරිගනකය Slow ද ? speed කරමු ද?
ඔබේ පරිගනකය Slow ද ? එහෙනම් speed කරමු
මම අද කියන්න හදන්නෙ ගොඩක් අය දන්න, ඒත් සමහර අය දන්නෙ නැති වැඩ දෙක තුනක් ;)
මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි space එකකත් වැඩි වෙනවා.
Disk Cleanup
.
හරි දැන් අනිත් ක්‍රමය Disk Defragment
Friday, August 9, 2013
හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනා සෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ....
නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
මල පරවුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා
සිනා සෙන්න බෑනේ...
සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණගැහුණ තැන තාම මම ඉන්නවා
සිනා සෙන්න බෑනේ ...