Sunday, June 17, 2012

ප්‍රේමය පුද දී...


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න


එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න 


ප්‍රේමය පුද දී...


ආදරයක් තියෙනවා නම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්...//
මට නොපෙනී පිට වෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරට
සිත නම් බෑ ගෙන යන්න


ප්‍රේමය පුද දී...
ගායනය :- චාමර වීරසිංහ
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸


0 comments:

Post a Comment